ජාතික ආරක්ෂාව ගැන අගමැතිගෙන් පාර්ලිමේන්තුවට සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන කිසිදු ක්‍රියාමාර්ගයක් සිදු නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(18) අවධාරණය කළේය.

යුද හමුදාවේ සංඛ්‍යාත්මක අඩු කිරීමක් හෝ කඳවුරු ඉවත් කිරීමක් කිසිසේත් සිදු නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

යුද හමුදාවේ ජෙනරල් තනතුරේ සිට කැප්ටන් තනතුර දක්වා එකඳු නිල තලයක් හෝ හමුදාව සංඛ්‍යාත්මකව අඩුකිරීමක් සිදුකර නොමැති බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ආරක්ෂක අංශවල ඇති ප්‍රතිසංවිධානය සාමාන්‍ය සම්ප්‍රදායක් බව පැවසූ අගමැතිවරයා එංගලන්තයේ සිදු කෙරන ආකාරයට එක් ලක්ෂයේ සිට අසුදෙදහසකට අඩු නොකරන බවද අගමැතිවරයා පැවසීය.

යාපනය ඇතුළු උතුරේ ආරක්ෂක හමුදා කඳවුරු ඉවත් කරමින් හමුදා බලඇණි අඩු කිරීමට රජය කටයුතු කරන බවත් ජිනීවා පොරොන්දු ඉටු කරමින් ආණ්ඩුව හමුදාව සංඛ්‍යාව අඩුකරන බවට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *