තායි ලෙනෙන් බේරාගත් දරුවන් රෝහලින් පිටව යයි

(කොළඹ, ලංකාපුවත්) –දින 18 කට ආසන්න කාලයක් පොලව අභ්‍යන්තරයේ ගුහාවක සිරව සිට බේරාගත් තායිලන්තයේ වයාල්ඩ් බෝර් පාපන්දු කණ්ඩායමේ සිසුන් ඊයේ(18) රෝහලෙන් පිටත්ව ගොස් ඇත.

ඒ වෛද්‍යවරුන් විසින් ඔවුන් නීරෝගී තත්ත්වයෙන් පසුවන බව තහවුරු කිරීමෙන් පසුවයි.

කෙසේ වෙතත් ඔවුන්ට මාසයක් ගතවන තුරු මාධ්‍යවේදීන් හමුවීමට ඉඩ ලබා නොදෙන ලෙස වෛද්‍යවරුන් දෙමාපියන්ට දැනුම්දී ඇත. ඒ ඔවුන්ගේ මානසික තත්ත්වය යළි ඇද වැටීමේ අවදානමක් මෙම අනතුර පිළිබද දිගින් දිගටම සිහි කළහොත් ඇතිවිය හැකි බැවින්ය.

මෙම සිසුන් පිරිස දින 8ක් ගත වන තෙක් සොයාගත නොහැකිව සිටි අතර ඒ වන විට ඔවුන් සතුව තිබූ ආහාර පවා අවසන්වී තිබුණි.

එහෙත් ඔවුන් එම තත්ත්වය මැනවින් පාලනය කර ගැනීමට සමත්ව ඇති බව වෛද්‍යවරුන් සදහන් කරනු ලැබේ.

මෙම සිසුන් ගුහාවට ඇතුලුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් නොපැවැත්වෙනු ඇති බවද තායිලන්ත රජය සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × three =