සතොසට පසුගිය වසරට සාපේක්ෂව 23%ක ලාභයක්

(කොළඹ, ලංකාපුවත්) – සතොස ආයතනය ලාභ ලබන තත්ත්වයට පත්ව ඇති බව ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය එස් එච් එම් ෆාරාස් මහතා පවසයි.

ලංකා සතොස ආයතනය පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ 23%ක ලාභයක් උපයා ඇත.

ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලංකා සතොස මගින් ඉදිරියේ දී අවස්ථා උදාකරදෙන බව ඔහු පැවසීය. කොළඹ ඊයේ(18) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ පිළිබඳ අදහස් පළ කළේය.

මහජනතාවගේ ජීවන බර අවමර කිරීම සඳහා භාණ්ඩ මිල අවම මට්ටමින් පවත්වාගෙන යාම ලංකා සතොස ආයතනයේ අරමුණයි. මේ හේතුවෙන් පෞද්ගලික අංශය අභිභවමින් ඉහළ පාරිභෝගික ආකාර්ෂණයක් හිමිකරගැනීමට ලංකා සතොස ආයතනය සමත්ව තිබේ.

මෙවර ස්ලිම් නීල්සන් සම්මානයේ ද ලංකා සතොස පිදුම් ලබා ඇත්තේ, මහජනතාවට සපයන ඉහළ සේවාව හේතුවෙන් බව ලංකා සතොස කළමනාකාරීත්වය පවසනු ලැබේ. දේශීය ආයතනයක් ලෙස ලංකා සතොස ආරක්ෂා කරගැනීම සියලු දෙනාගේ වගකීමක් ද එහි බලධාරීන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + four =