ප්‍රවීණ නළු අමරසිරි කලංසූරිය අසාධ්‍යව රෝහලේ

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රවීණ සිනමා නළු අමරසිරි කලංසූරිය මහතා දැඩි ලෙස අසාධ්‍යව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මේවන විට ප්‍රතිකාර ලබමින් සිටී.

මේවන විට 77 වන වියෙහි පසුවන ඒ මහතා සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ මතකයේ රැඳෙන රංගනයන්ට දායක වූවෙකි.

1969 හන්තානෙ කතාව, 1974 අහස් ගව්ව, 1978 බඹරු ඇවිත්, 1982 යස ඉසුරු, 1986 පූජා, 1994 අහස් මාලිගා, 2009 රෝස මල් සයනය ඔහු රඟපෑ චිත්‍රපට අතරින් කිහිපයකි.

ටෙලිනාට්‍ය කලාවේ ආරම්භක යුගයේ දිමුතු මුතු ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑම නිසාද ඔහු කා අතරත් ප්‍රකට විය.

1974දී හොඳම නළුවාට හිමි සම්මානය හා 1986දී හොඳම සහාය නළුවාට හිමි ජනපති සම්මානය ඔහුට හිමි විය.
තිදරු පියෙකුවන කලංසූරිය මහතා මහනුවර උපන්නෙකි. ඔහු ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *