අමෙරිකාවේ සංචාරයකට ට්‍රම්ප්ගෙන් පුටින්ට ආරාධනා

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ සංචාරයක් සදහා පැමිණෙන ලෙස එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත ආරාධනා කර තිබේ.

ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් ඊයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියාසිටියේ සංචාරයට අදාළ සාකච්ඡා දැනටමත් පැවැත්වෙන බවයි.

ෆින්ලන්තයේදී දෙරටේ රාජ්‍ය නායකයින් අතර පැවති හමුවේදී සාකච්ඡා කළ කරුණු ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ජනාධිපති පුටින් යළි හමුවීමට අදහස් කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වූ පසුගිය අමෙරිකා ජනාධිපතිවරණයට රුසියාව මැදිහත්වූ බවට දිගින් දිගටම චෝදනා එල්ලවිය. ඒ හේතුවෙන් දෙරටේ නායකයින් අතර තවත් හමුවක් පිළිබද යෝජනාව අමෙරිකා මාධ්‍යවල දැඩි විවේචනයට ලක්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × four =