උසස් පෙළ විභාගයට පෙනී සිටින පෞද්ගලික අපේක්ෂකයන්ට දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) –මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිමට විභාග ප්‍රවේශ පත්‍ර මෙතෙක් නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙතින් එම අයදුම්පත් ලබා ගැනීමට කටයුතු කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කරයි.

විභාග දෙපාර්තමේන්තුවේ WWW.DOENETS.LK යන වෙබ් අඩවියෙන් විභාග ප්‍රවේශ පත්‍ර බාගත කරගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

එසේ නොමැතිනම් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව අමතා ප්‍රවේශ පත්‍රය ෆැක්ස් මඟින් ගෙන්වා ගත හැකිය.

මෙවර 2018 උසස් පෙල විභාගය අගෝස්තු මස 06 වනදා ආරම්භ වන අතර සැප්තැම්බර් මස 01 වන දා තෙක් පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + twelve =