ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් කොටුවේ ඓතිහාසිකත්වයට බලපැමක්

(කොළඹ, ලංකාපුවත්) –ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙනත් ස්ථානයකට ගෙන යාම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා පවසයි.

ඔහු අවධාරණය කළේ, ගාලු කොටුවේ අනවසර ඉදිකිරීම් පමණක් ඉවත් කර එය ලෝක උරුමයක් ලෙස ආරක්‍ෂා කිරීමට තීරණය කර ඇති බවය.

ගාලු කොටුවේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් නොකරන්නේ නම්, එය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවදානමක් ඇති බවට යුනෙස්කෝ සංවිධානය පසුගියදා රජයට දැනුම් දී තිබුණි. මීට හේතුවී ඇත්තේ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩා මණ්ඩපය අනවසරෙන් ඉදිකර තිබීමය. හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ධූරය දරන සමයේ ගාල්ල ක්‍රීඩා මණ්ඩපය ඉදි කෙරුණු අතර පසුව, එය මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩා මණ්ඩපය ලෙස නම් කෙරුණි.

ගාලු කොටුව ලෝක උරුමයක් ලෙස ආරක්‍ෂා කරගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයින් සමග සාකච්ජාවක් පසුගියදා පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 3 =