තරුණයින් තිදෙනෙක් ඝාතනය කළ පාතාලකල්ලි නායකයාට මරණ දණ්ඩනය

(කොළඹ, ලංකාපුවත්) – වැල්ලම්පිටිය ප්‍රදේශයේ තරුණයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනයකළ මොහොමඩ් රවුෆ්, මොහොමඩ් හිල්මි හෙවත් (ගමා) නමැති පාතාලකල්ලි සාමාජිකයාට අද(20) කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදි.

2006 වසරේ නොවැම්බර් 02 වැනිදා මෙම වෙඩි තැබීම සිදුකර ඇත. එයින්, මියගොස් ඇත්තේ කිසිඳු සිද්ධියකට සම්බන්ධ නැති වෙනත් තරුණයින් තිදෙනෙකි.

මෙම වෙඩි තැබීම ටී.56 ගිනි අවියකින් සිදුකර ඇති අතර ඊට සැකකරුවන් දෙදෙනෙකු නම්කර තිබුණි.

දෙවැනි සැකකරුට ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු නොවීම හේතුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේස්ද්‍රන් මහතා නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 3 =