සිරිකොත ගමට ගෙනයන දීප ව්‍යාප්ත වැඩසටහන කුරුණෑගලින් ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – සිරිකොත ගමට ගෙනයන වැඩපිළිවෙළ අනුව එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කර පක්ෂයේ ඉදිරි ජයග්‍රාහී වැඩපිළිවෙළ සකස්කිරීමේ කටයුතු එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ආරම්භ කර තිබේ.

ඒ අනුව දිවයින පුරා සියලුම දිස්ත්‍රික් සංවිධාන හමුවීම් සහ රැස්වීම් මාලාව ජූලි මස 21 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිත අතර මේ සඳහා අදාළ දිස්ත්‍රික්වල එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ද පළාත් පාලන නියෝජිතවරුන් සහ දිස්ත්‍රික් සහ ආසන සංවිධාකයින් සහ කළමනාකරුවන් ද සහභාගිවීමට නියමිතය.

මෙම හමුවීම්වලදී එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණවලදී ජයග්‍රාහී මාවතකට රැගෙන යාම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම ඒ සඳහා පක්ෂ සාමාජිකයින්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමත් සිදු කෙරේ. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය නායකයින් සහ පාක්ෂිකයින් මුහුණ දෙන ගැටලු සහ අභියෝග හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබාදීමට ද අපේක්ෂිතය.

ජූලි 21 දින කුරුණෑගල දිස්ත්‍රික් රැස්වීමෙන් ආරම්භ කෙරෙන එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කිරීමේ රැස්වීම් මාලවේ දෙවැන්න එදිනම සවස පොළොන්නරු දිස්ත්‍රික්කයේ දී පැවැත්වේ. ජූලි 22 දින අනුරාධපුර දිස්ත්‍රික් රැස්වීම ද ජූලි 23 දින කෑගල්ල දිස්ත්‍රික් රැස්වීම ද සංවිධානය කර ඇති අතර සෙසු දිස්ත්‍රික් රැස්වීම් හා හමුවීම් ද ඉදිරි දිනවලදී පැවත්වීමට මේ වන විටත් සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *