ශ්‍රී ලංකා-ද.අප්‍රිකා දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

පළමු තරගය ශ්‍රී ලංකාව ජයගත්තේ ලකුණු 278කිනි.

දෙරට අතර පවත්වා ඇති ටෙස්ට් ක්‍රිකට් තරග සංඛ්‍යාව 26කි. ඉන් තරග 14ක් දකුණු අප්‍රිකාව ජයගත් අතර, තරග 6ක ජය ශ්‍රී ලංකාවට හිමිවිය. තරග 6ක් අවසන් වුණේ ජය පරාජයෙන් තොරවය.

තරගය පැවැත්වෙන එස්.එස්.සී ක්‍රීඩාංගණයේ, ශ්‍රී ලංකාවත් දකුණු අප්‍රිකාවත් ටෙස්ට් ක්‍රිකට් තරග 5ක් ක්‍රීඩා කර තිබේ. ඉන් තරග දෙකක් ශ්‍රී ලංකාවත්, තරගයක් දකුණු අප්‍රිකාවත් ජය ගෙන ඇත. අනෙක් තරග දෙක අවසන් වුණේ ජය-පරාජයෙන් තොරවය.

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී දෙරට අතර අවසන් වරට ටෙස්ට් තරගයක් පැවැත්වුණේ 2014 වසරේ දීය.

දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවේ තරග සංචාර 5ක් සිදුකර තිබේ. එහිදී, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව තරගාවලි දෙක බැගින් ජයගත්තා අනෙක් තරගාවලිය අවසන් වුණේ, ජය පරාජයෙන් තොරවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *