ළඟම පාසැල හොඳම පාසැල යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති ඇතැමුන් බලහත්කාරයෙන් විවෘත කළ බවට පැමිණිලි – අධ්‍යාපන ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

(කොළඹ, ලංකාපුවත්) – ළඟම පාසැල හොඳම පාසැල යටතේ විසි දහසකට අධික ව්‍යාපෘති ප්‍රමාණයක් මේ වනවිට ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශේෂා විතානගේ මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඇතැම් ව්‍යාපෘති ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂයේ සම්බන්ධීකරණ කමිටු ප්‍රධානීන් නොදැනුවත්වම දේශපාලන වාසි තකා ඇතැමුන් බලහත්කාරයෙන් විවෘත කරන බවට පැමිණිලි ලැබී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.

එය අනුන්ගේ ළමුන්ට නම් තැබීමක් ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *