2018 වසරේ ආසියාවේ හොදම රක්‍ෂණ සමාගම ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් සම්මාන ලබයි

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාවේ අංක එකේ සෞඛ්‍ය රක්‍ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් 2018 වසරේ Emerging Asia Insurance Awards හෙවත් ආසියාවේ නැගිඑන රක්‍ෂණ සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම රක්‍ෂණ සමාගම Best Life Insurance Company of the Year ඇතුඵ සම්මාන තුනක් දිනාගන්නා ලදි.

වසරේ විශිෂ්ටතම සේවා සපයන්නා Best Service Provider of the Yearසහ රක්‍ෂණ ක්‍ෂේත‍්‍රයේ හොදම වර්ධනයක් ඇති සමාගම Best Growth in Insuranceයන සම්මාන දෙකය ද සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත හිමිවිය.

පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවර දී පැවැති මෙම සම්මාන උළෙල සදහා රක්‍ෂණ සමාගම් තෝරාගනු ලැබුවේ ඉන්දීය වාණිජ මණ්ඩලය සංවිධානය කල තරගයකින් අනතුරුවයි. රක්‍ෂණ ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රගමනය සදහා ඒ ඒ සමාගම් සිදුකරන කටයුතු අගයකිරීම මෙම සම්මාන උළෙලේ අරමුණයි. සම්මාන සදහා ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය, මියන්මාර්, ලාඕස් සහ කාම්භෝජය යන රටවල නැගීඑන රක්‍ෂණ සමාගම් තෝරාගෙන තිබුණි.

සොෆ්ට්ලොජික් ලයිෆ් මෙම සම්මාන සදහා තෝරාගෙන තිබුණේ රක්‍ෂණ ක්‍ෂෙත‍්‍රය තුල සමාගමේ වර්ධනය, නායකත්වය සහ නවෝත්පාදන සේවා හදුන්වා දීම මෙන්ම සමාගමේ උපායමාර්ගික දැක්ම, සේවක තෘප්තිය සහ පාරිභෝගික අවශ්‍යතා ඉටුකිරීමට කැපවී කටයුතු කිරීම වැනි කරුණු පදනම් කරගෙනයි.

ශ‍්‍රී ලංකාවේ වේගවත්ම වර්ධනයක් ඇති ජීවිත රක්‍ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් රුපියල් බිලියන 7.5 ආදායමක් ඉතා කෙටි කාලයකින් උපයාගත් එකම ජීවිත රක්‍ෂණ සමාගම වේ.

නිරතුරුවම නිර්මාණාත්මක සහ නවෝත්පාදක රක්‍ෂණ සේවා රැසක් හදුන්වා දෙන සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම, Life Up smart සේවය, එක්දින හිමිකම් පැවරීම් සේවය One Day Claim Settlement, ඩිජිටල් ශාඛා සේවය Digital Branch, ඹෟෂධ නිවසට ප‍්‍රවාහනය කිරීමේ සේවයMedicine to Door Step, සිඝ‍්‍රගාමී ඩිජිටල් රක්‍ෂණ සේවය Express Digital Policy Insurance, එක්දින රක්‍ෂණ ආවරණ සේවය Per Day Insuranceවැනි සේවා හ`දුන්වා දෙමින් පාරිභෝගිකයන්ගේ ජීවන තත්වය නැංවීමට ක‍්‍රියාකර ඇත. එමගින් ශ‍්‍රී ලංකාවේ රක්‍ෂණ ප‍්‍රමිතීන් ඉහල මට්ටමකට ඔසවා තබමින්, 31%ක දැවැන්ත වාර්ෂික වර්ධනයක් සමග පසුගිය වසර පහ තුල ජීවිත රක්‍ෂණ ක්‍ෂෙත‍්‍රයේ සුවිශේෂී පෙරලියක් කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමට හැකි වී ඇත. සමාගම මෙතරම් වර්ධනයක් සටහන් කර ඇත්තේ සමස්ත ජීවිත රක්‍ෂණ ක්‍ෂෙත‍්‍රයේ වර්ධනය 14%ක් වැනි අඩු අගයක් පවතින අවස්ථාව වීම විශේෂයි.

රක්‍ෂණ වන්දි ගෙවීමේදී සොෆ්ට්ලොජික් ලයිෆ් දක්වන සුවිශේෂි හැකියාව අගය කරමින් රක්‍ෂණ ක්‍ෂෙත‍්‍රයේ වසරේ විශිෂ්ටතම සේවා සපයන්නා Best Service Provider of the Year සහ හොදම වර්ධනය Best Growth in Insurance Award යන සම්මාන දෙක සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත හිමිවී ඇත. රක්‍ෂණ ක්‍ෂෙත‍්‍රයේ සැබෑ පෙරලියක් එක්දින වන්දි ගෙවීමේ සේවය සිදුකර ඇති අතර වසරේ ප‍්‍රථම භාගය තුල පමණක් වන්දි ගෙවීම්වලින් 90%ක් එක් දිනක් තුලදී ගෙවීමට හැකි වී ඇත. 2017 වසරේ දී Fintelekt විසින් සංවිධානය කල ශ‍්‍රී ලංකා ජාතික රක්‍ෂණ සම්මාන උළෙලේදී විශිෂ්ටතම හිමිකම් සේවාව සම්මානය Excellence in Claims Service සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත පිරිනමන ලදි.

ආසියාවේ මෙවැනි වැදගත් සම්මාන උළෙලකදී සොෆ්ට්ලොජික් ලයිෆ් සම්මානයට පාත‍්‍රවීම සම්බන්ධයෙන් අදහස් දැක් වු සමාගමේ කළමණාකර අධ්‍යක්‍ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා, පසුගිය වසර හය තුල ක්‍ෂෙත‍්‍රයේ වර්ධනයට වඩා දෙගුණයකටත් අධිකව අප සමාගම වර්ධනය වෙමින් සැලකිය යුතු වෙළෙදපල හිමිකාරීත්වයක් අත්කරගෙන ඇති බව කියා සිටියේය. අනිකුත් ජීවිත රක්‍ෂණ සමාගම්වලට වඩා අප සමාගම වෙනස් වන්නේ පාරිභෝගිකයන්ගේ විවිධ අවශ්‍යතා අනුව නව්‍යකරණ ජීවිත රක්‍ෂණ ආවරණ හදුන්වා දී ඇති නිසා බව පෙන්වා දුන්නේය. අපට හිමි වන සම්මාන මගින් අඛණ්ඩව සනාථ වන්නේ පාරිභෝගිකයා වෙනුවෙන්ම අපගේ ජීවිත රක්‍ෂණ ව්‍යාපාරයේ කැපවීම සහ ජනතාව නිරෝගීව හා සතුටින් ජීවිත්වීමට අවශ්‍ය සේවා අඛණ්ඩව සැපයීමය. තවද මෙම සම්මාන අපව තව තවත් හොද සේවාවක් ලබාදීමට දිරිමත් කරවන බවත් ඔහු ප‍්‍රකාශ කළේය.

2017 අගෝස්තු මාසයේ සිට සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම වෙත දිගින් දිගටම සම්මාන හිමි වී ඇත. 2017 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලෙ දී සමස්ත රක්‍ෂණ ක්‍ෂෙත‍්‍රය සදහා හිමි වූ රන් සම්මාන Gold award in the Overall Insurance Sector ඉන් විශේෂ වේ. අනිකුත් සම්මාන අතරට ශ‍්‍රී ලංකා රක්‍ෂණ ක්‍ෂේත‍්‍ර සම්මාන උළෙලේදී විශිෂ්ටතම එජන්සි බෙදාහැරීම Excellence in Agency Distribution සහ වන්දිගෙවීමේ සේවා සම්මාන Excellence in Claims Service awards, ඇමෙරිකාවේ නිව්යෝර්ක නුවර දී පැවැති Global Smarties සම්මාන උළෙලේදී හොදම මොබයිල් පණිවුඩ වැඩසටහන සදහා සම්මානය the Most Innovative Mobile Messaging Campaign award සහ APAC Mobile Marketing Awards මොබයිල් අලෙවිකරණය රන් සම්මානය, 2017 ක්‍ඵ් විශිෂ්ටතා වාර්තාකරණ සම්මාන උළෙලේදී ද ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික සමාගම් අතර විශිෂ්ටතම වාර්තා සම්පාදනය කිරීමේ සම්මානය Award as one of the Ten Best Integrated Reports among Sri Lankan corporates සහ ශ‍්‍රී ලංකාවේ සේවය කිරීමට වඩාත් උචිත සමාගම ලෙස අඛණ්ඩෙතවන වරටත් සම්මානයට පාත‍්‍රවිය.

සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය, පාරිභෝගික භාණ්ඩ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, සංචාරක, මෝටර් රථ සහ මූල්‍ය සේවා යනාදී ක්ෂේත‍්‍රවල දැවැන්ත වර්ධනයක් සහ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ජාලයක් හිමි සොෆ්ට්ලොජික් සමූහයේ සාමාජිකයෙකු වන සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී හි හිමිකාරීත්වය යටතේ පවතී. සමාගමේ සැලකිය යුතු කොටස් හිමියන් අතරට ගැනෙන නෙදර්ලන්තයේ FMOහා ජර්මනියේ DEGසමාගම් ජාත්‍යන්තර AAA සහතික ලත් ආයතන ලෙස පෙන්වා දියහැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *