කොම්පඤ්ඤවිදියේ වෙළෙඳසැලක ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) – කොම්පඤ්ඤවිදීය, යුනීයන් පෙදෙස ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක හදිසි ගින්නක් හටගෙන ඇත.

ඊයේ (22)රාත්‍රී 11.45ට පමණ අදාල ගින්න හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

කෙළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරින් සහ පොලිසිය එක්ව ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බව පොලිසිය පැවසීය.

කොම්පඤ්ඤවීදිය පොලිසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + 17 =