ජලය වැඩි තැනින් අඩු තැනට ජලය ගෙන යාමේ විද්‍යාත්මක ක‍්‍රමවේදයක් තුළින් ආපදා අවම කිරීමට සැලසුම්

(කොළඹ, ලංකාපුවත්) – ජලය වැඩි සහ අඩු යන කාරණා පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වමින් ආපදා කළමනාකරණ වැඩපිළිවෙල දියත් කිරීමට සැලසුම් කරන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ මෙරට ආපදා ඇතිවීමට ප‍්‍රධාන හේතු කාරණා දෙකක් ලෙස ජලය වැඩි හා ජලය අඩු යන කාරණා හදුනාගත හැකි බවයි.

ගංවතුර හා නියගය යන තත්ත්වයන් ඇති වීම තුළ මේ බව පැහැදිලි වන්නේ යැයිද ඔහු සඳහන් කළේය. එබැවින් ආපදා කළමනාකරණයේදී ජලය වැඩි ස්ථානවල සිට ජලය අඩු ස්ථාන කරා ජලය ප‍්‍රවාහනය කිරීම ඉතා සුදුසු ක‍්‍රමවේදයක් ලෙස හදුනාගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වාරිමාර්ග හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ පසුගියදා (20) පැවැති නිලධාරී සාකච්ඡුාවකදී ඔහු මේ බව පැවසීය. ඉදිරි ආපදා සැලසුම් පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡුාව කැඳවා තිබිණ.

මෙම වැඩපිළීවෙල යටතේ කළු, කැළණි, නිල්වලා ඇතුළු ගංගා දෝණි දහයක් ආශ‍්‍රීතව ඇතිවන ගංවතුර තත්ත්වයන් පාලනය කිරීමට සැලසුම් කර තිබේ. එම වැඩපිවෙල මේ වන විටත් ආරම්භ කර ඇති අතර, එහි මූළික වැඩපිළිවෙල කි‍්‍රයාත්මක වන්නේ කළු ගං දෝණිය කේන්ද්‍ර කර ගනිමිනි. ජලය හිග ප‍්‍රදේශ වෙත ජලය රැුගෙන යාම තුළ විපත් අවම කළ හැකිය යන තේමාව පාදක කර ගනිමින් මෙම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන බවත්, එය විද්‍යාත්මක කි‍්‍රයාවලියක් මත පදනම්ව කි‍්‍රයාත්මක වන පුළුල් වැඩපිළිවෙලක් බවත් අමාත්‍යවරයා පැවසීය.

වාරිමාර්ග හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් සිසිර කුමාර, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිල ජයසෙකර, වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජනරාල් එස්. මෝහනරාජා යන මහත්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − five =