මොරගහකන්ද ව්‍යාපෘතිය ඉදිකිරීමේදී සිදුවු දූෂණ ගැන දැනුම් දෙන්න විශේෂ ඒකකයක්

(කොළඹ, ලංකාපුවත්) –මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලදී සිදුවු දූෂණ සහ අක්‍රමිකතා ඇත්නම් ඒ පිළිබඳ දැනුම්දීම සඳහා ලබන සතියේ සිට විශේෂ ඒකකයක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

කළු ගඟ ජලාශයේ දියවර රැඳවුම් මංගල්‍යය සහ මොරගහකන්ද කළු ගඟ උමං ජල මාර්ගයේ ඉදිකිරීම් ඇරඹීමේ උත්සවයට අද(23) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.

කළු ගඟ ජලාශයේ මංගල දියවර ලබා දීමේ අවස්ථාවට සමගාමීව මොරගහකන්ද ජලාශය කුලසිංහ මොරගහකන්ද ජලාශය නමට පත්කිරීම සහ ජලාශය ඉදිරිපිට කළු ගලින් නෙලන ලද අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සමාන වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම අද පෙරවරුවේ සුබ මොහොතින් සිදු කෙරුණි.

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

මොරගහකන්ද සම්බන්ධ අනෙක් මහා ජලාශය කළුගඟ ජලාශයයි. මාතලේ දිස්ති‍්‍රක්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටි ප‍්‍රදේශයේ කලුපහන ප‍්‍රදේශයෙන් ආරම්භ වන කළුගඟ ලග්ගල- පල්ලේගම ප‍්‍රදේශයේ දී හරස් කරමින් කළුගඟ ජලාශය නිර්මාණය වෙනවා. මෙහි සම්පූර්ණ ධාරිතාවය ඝන මීටර් දස ලක්ෂ 248ක්. ජලාශයේ වර්ග ප‍්‍රමාණය වර්ග කි.මි. 14.5 කි.

කළුගඟ පහළ නිම්න ප‍්‍රදේශයේ නැවත පදිංචි කරනු ලබන පවුල් 3,000 ක් සඳහා කළුගඟ ජලාශයෙන් ජලය සැපයෙන අතර, අනතුරුව අතිරික්ත ජල ප‍්‍රමාණය මොරගහකන්ද ජලාශය වෙත නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + 15 =