වලපනේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිට වසර 12ක සිරදඬුවමක්

(කොළඹ, ලංකාපුවත්) –වලපනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක සහ හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් කුමාර සමරහේවා සහ තවත් අයෙකුට වසර 12 ක සිරදඬුවම් නියම කෙරේ.

2004 වසරේ රජයේ වාහනයක් අවභාවිත කිරීම සහ නීතිවිරෝධී ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවලට උඩුපුස්සැල්ලාව පොලීසිය විසින් නුවරඑළිය මහාධිකරණයේ නඩුවක් ගොනුකර තිබුණි.

ඊට අදාළ නඩුව අද(23) කැඳවූ අවස්ථාවේදී නුවරඑළිය මහාධිකරණ විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවේය.

එහිදී රුපියල් ලක්ෂ 115ක මුදලක් රජයට දඩ මුදලක් ලෙස ගෙවීමට ද මහාධිකරණ විනිසුරුවරයා ඔහුට නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *