ගිනි පෙට්ටි පාලමේ අළුත්වැඩියා කටයුතු ජනපතිගේ නිරීක්ෂණයට

(කොළඹ, ලංකාපුවත්) – පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපෘතියේ ඩී 01 උතුරු ඇල, ගිනි පෙට්ටි පාලමේ අළුත්වැඩියා කටයුතු පසුගියදා (21) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන සොරොව්වේ සිට කුඹුරු අක්කර 20,000 කට පමණ ජලය ගෙන එන ප්‍රධාන ඇල මාර්ගය වන උතුරු ඇලේ ජල පැන්නුම සහිත පාලමක් ලෙස භාවිතා කළ ගිනිපෙට්ටි පාලම කැඩීයාම නිසා ගොවි ජනතාවට මහත් දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුවිය.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සතියක් තුළ මෙම පාලමේ අථත්වැඩියා කටයුතු කඩිනමින් නිම කිරීමට පියවර ගැනිණි.

උතුරේ පහළට සෝමාවතිය ජාතික වනෝද්‍යානය ආසන්නය තෙක් තිඛෙන කුඹුරු අක්කර 15,000 කට අධික ප්‍රමාණයකට මෙමගින් ජලය සැපයුම සිදුවන අතර, මෙම අථත්වැඩියා කටයුතු කඩිනමින් සිදු නොවුනානම් යල කන්නයේ වී වගාව බේරා ගැනීමට නොහැකිවී යාමෙන් රුපියල් මිලියන 1060 ක පමණ අලාභයක් සිදුවීමට ඉඩ තිබූ බව ගොවි සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙති.

මෙම පාලම අලූතින් ඉදිකිරීමට කඩිනමින් සැලසුම් සකස් කරන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී පොළොන්නරුව කලාප භාර වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.කේ. හේවාගම මහතා වෙත උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *