25 සිට 31 දක්වා විදුලිය බිඳවැටීමක්

(කොළඹ, ලංකාපුවත්) – කිලෝවොට් 132 විදුලි පද්ධතියේ සිදුකෙරෙන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරයේ මෙම මස 25 සිට 31 දක්වා දිනයන්හි විටින් විට විදුලිය බිද වැටීම් සිදුවිය හැකි බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

ලංකා විදුලිබල මණ්ඩලයේ මහ කොළඹ සම්පේ‍්‍රෂණ සහ බෙදාහැරීම් හානිය අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ කෙළඹ නගරයේ කිලෝ වෝල්ට් 132 පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබේ.

ඒ අනුව මේ මස 27 දින සිදුකිරීමට නියමිත මෙම පද්ධති වැඩිදියුණු කිරීමේ ක‍්‍රියාවලිය හේතුවෙන් 27 දින පෙ.ව.09.00 සිට ප.ව. 03.00 දක්වා අදාළ ප‍්‍රදේශයන්ගේ විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය දන්වා සිටියි.

ඒ අනුව මේ මස 27 දින පෙ.ව. 09.00 සිට ප.ව. 03.00 දක්වා කොළඹ 03, කොළඹ 04, කොළඹ 05, කොළඹ 07 සහ කොළඹ 08 යන ප‍්‍රදේශයන්ගේ විදුලිය විසන්ධි කෙරේ.

ඊට අමතරව ඉහත සඳහන් පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් ජූලි මස 25 දින සිට 31 දින දක්වා ඇතැම්විට අදාළ ප‍්‍රදේශයන්ගේ කඩින්කඩ විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බවද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටි.

අඛණ්ඩ මෙන්ම ගුණාත්මකභාවයෙන් යුත් විදුලි සේවයක් සැපයීම තුළින් පාරිභෝගික ජනතාව තුළ විශ්වසනීයත්වය තහවුරු කිරීම වෙනුවෙන් සිදුකරනු ලබන මෙම පද්ධති වැඩිදුයුණු කිරීමේ ක‍්‍රියාවලිය නිසා විදුලි පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සිය කනගාටුව ප‍්‍රකාශකර සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *