අමෙරිකානු, පැසිපික් කලාපීය හමුදා ප්‍රධානියා හා අගමැති අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකානු, පැසිපික් කලාපීය හමුදා ප්‍රධානී ජනරාල් රොබට් බ්‍රවුන් (Robert Brown) මහතා ඇතුලූ දූත පිරිස ඊයේ (23) අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

එම දූත පිරිසට ශ්‍රී ලංකාවේ අමෙරිකානු වැඩ බලන තානාපති රොබට් හිල්ටන් (Robert Hilton), තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබද නිලධාරිනී ජොආනා එච්. ප්‍රිචර්ට් (Joanna H Prichett) යන මහත්ම මහත්මීන් ඇතුළත් වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ශ්‍රී ලංකා හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක, මේජර් ජනරාල් එම්.එම්.එස්. පෙරේරා යන මහත්වරුන් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + eighteen =