කෙසෙල්වත්ත ලසන්තගේ ගෝලයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සහයකයෙක් රුපියල් මිලියන 02ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 201 යි මිලිග්‍රෑම් 160ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ලද තෙරතුරක් මත ඊයේ (23) රාත්‍රී 08.20ට වැලිකඩ බක්ඩාරනායකපුර ප්‍රජා ශාලාව අසල මාර්ගයේ දී සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගවට ගෙන ඇත.

මෙම සැකකරු 44 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මොහු කෙසෙල්වත්ත ලසන්ත හෙවත් ලසා නම් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සහයකයෙක් බව සිදු කළ ප්‍රශ්න කිරිම්වලිදි අනාවරණය වි ඇත.

සැකකරුව අද(24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *