ජයග්‍රහණය සොයා ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ හොකී කණ්ඩායම ස්පාඤ්ඤයට

(කොළඹ, ලංකාපුවත්) – හොකී ප්‍රවීනයන්ගේ ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ස්පාඤ්ඤයේ බැසිලෝනියාවට පිටත්ව යාමට පෙර පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ (23) පැවැත්වුනි.

ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ය.

එහිදී ඇමතිවරයා මෙසේ කියා සිටියේය.

“මං හිතන්නේ මේ රටේ ක්‍රීඩාවෙ ප්‍රවීනයන්ට තැනක් දිය යුතුයි. අපි දැකපු දෙයක් තමයි මේ ප්‍රවීනයන් තමන්ගේ ජවය තමන්ගෙ තරුණ කාලය තමන්ගෙ ජීවිතය මේ ක්‍රීඩාව වෙනුවෙන් පරිත්‍යාග කළත් ප්‍රවීනයෙක් වුනාට පස්සෙ ඒ කියන්නෙ වයසට ගියාට පස්සේ ඒ උදවිය සමාජ පිළගැනීම සමාජය ඒ උදවිය රටකට කරපු දේ ගැන තියන අවධානය නැති වෙනවා .හැබැයි මං හිතන්නේ එක් එක් ක්‍රීඩාවට යුතුකමක් තියෙනවා ඒ ක්‍රීඩාවේ ප්‍රවීනයන්ගේ ගරුත්වය ආරක්ෂා කරන්නත් ඒ වගේ මෙවැනි ප්‍රවීන ලෝක කුසලතාවට ශ්‍රී ලංකාව සහභාගීවීම භාග්‍යක් හැටියට සලකනවා.මං හිතන්නේ අමාත්‍යාංශයක් හැටියට අපට සම්පත් අඩුවක් වන නිසා අපට ප්‍රවීනයන්ගේ ක්‍රීඩා සංගම් වලට උදව් කිරීමේ දී අපට යම් බාධක තියෙනවා.හේතුව අපට පවතින ක්‍රීඩා වලටත් සම්පත් ලබා දීමේ දී අපේ යම් යම් දුෂ්කරතා තියෙන නිසා. ඒ නිසා තමුන්නාන්සෙලාට අපට මීට වඩා උදව් කරන්න අපට කැමැත්ත තිබ්බත් අපට සම්පත් සම්බන්ධයෙන් බාධක තියෙන නිසා අපට කරන්න බැරිවුනා කියන එක මං මේ අවස්ථාවේ වගකීමෙන් ප්‍රකාශ කරනවා. හැබැයි තමුන්නාන්සෙලාගේ ඉදිරි ගමන තමුන්නාන්සෙලා වෙනුවෙන් අපේ ආශිර්වාදය තමුන්නාන්සේලාගේ ජය පරාජය අපේ හිත් තුල තියනවා කියලා මං මේ අවස්ථාවේ වගකීමෙන් ප්‍රකාශ කරනවා.මම නැවත වතාවක් තමුන්නාන්සේලාට සුභ පතනවා තමුන්නාන්සේලා මේ රටට තමුන්නාන්සේලාගේ තරුණ ජවයෙන් රටට කීර්තියක් ලබාදුන්නා ඒ නිසා ප්‍රවීනයන් වශයෙනුත් තමුන්නාන්සේලා මේ රටට විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබා දීලා රටට කීර්තියක් ගෙනෙයි කියන පූර්ණ විශ්වාසය මට තියන බවත් මම තමුන්නාන්සෙලාට සුභ පතන බවටත් මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනවා

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ හොකී සංගමයේ නිලධාරීන් සහ ක්‍රීඩකයින් සහභාගී වූ අතර ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ හොකී සංගමයේ සභාපති ෆෛසාල් හමීඩ් මහතා සහ ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ හොකී සංගමයේ නායක රත්නසිරි මහගලල්ල මහතා ද එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − twelve =