ඉතාලිය සරණාගතයින් බාරගැනීම නවතයි

(කොළඹ, ලංකාපුවත්) – යුරෝපා සංගමය සංක්‍රමණිකයින් පිළිබඳ එකඟතාවයට එනතුරු නැවත සරණාගතයින් බාරගැනීමට ඉතාලිය තීරණය කර තිබේ.

ඒ සති 5ක කාලයක් සඳහා ය. ඉතාලි නව රජය බලයට පත් වූ වහාම සරණාගතයින් බාරගැනීම පසුගිය මාසයේ දී අත්හිටවනු ලැබීය.

ඉන් පසු කිසිඳු සංක්‍රමණික සරණාගත යාත්‍රාවක් ඉතාලිය බාර නොගත් අතර ඔවුන් එම සංක්‍රමණිකයින් සිසිලිය වෙත හරහා යොමු කෙරුණි.

ඉතාලිය යුරෝපා සංගමයට දන්වා ඇත්තේ, නිසි පරිදි සංක්‍රමණික ගැටලුවට විසඳුමක් ලබා නොදුනහොත් ඉදිරියේ දී දැඩි ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවිය හැකි බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *