ග්‍රීසියේ ලැව්ගිනි නිසා 74ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –ග්‍රීසියට බලපා ඇති ලැව්ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 74 දක්වා ඉහළ ගොස් තිබේ.

ඇතෑන්ස් අවට ප්‍රදේශයේ පැතිර යන ලැව්ගින්න පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර සහාය පතා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් ලැව්ගිනි හේතුවෙන් තුවාල ලබා තිබේ.

මිය ගිය සහ තුවාල ලැබූ පිරිස් තවත් වැඩිවිය හැකි බව, ඇතෑන්ස් බලධාරීන් පවසයි. මැටී ගම්මානයේ ස්ථානයකින් මළ සිරුරු 26ක් සොයා ගැනුණි. මෑත ඉතිහාසයේ ග්‍රීසියට බලපෑ දරුණුතම ලැව්ගිනි තත්වය මෙය බව වාර්තා වේ. ලැව්ගිනි හේතුවෙන් තවත් සිය ගණනක් අවතැන් වී සිටි.

සංචාරකයන්, නගරවාසීන් ඇතුළු ලැව් ගිනිවලට මැදිව සිටින සියලුදෙනා මුදා ගැනීම සහ සහන සැලසීම් මේ වන විට සිදු කෙරේ.

පැයට කිලෝ මීටර සියයක වේගයෙන් හමන සුළං නිසා, ලැව්ගිනි ඉතා වේගයෙන් පැතිරගොස් තිබේ. මෝටර් රථ 300කට අධික සංඛ්‍යාවක් සහ ගොඩනැගිලි දහස් ගණනකට හානි සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *