තායිලන්තයේ වට් සංඝටාන් විහාරස්ථාන යේ දූත පිරිසක් අගමැති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි වට් සංඝටාන් (Wat Sannathan) විහාරස්ථානයේ විහාරාධිපති, මහාචාර්ය කක්රූපලස් පයිරින් සිලිවට්නෝ හිමිපාණන් වහන්සේ ඇතුලු දූත පිරිස ඊයේ (24) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

වට් සංඝටාන් (Wat Sannathan) විහාරස්ථානය විසින් පසුගිය දෙසැම්බර් මස දී කටුනායක සිට මිහින්තලය දක්වා සංවිධානය කරන ලද සාම පාගමන සදහා සහයෝගය දැක්වීම පිළිබදව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත එහිදී මහාචාර්ය කක්රූපලස් පයිරින් සිලිවට්නෝ හිමිපාණන් වහන්සේ සිය ස්තූතිය පිරිනැමීය.

මෙම අවස්ථාවට තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × two =