දැව ආනයනයට වසරකට රුපියල් බිලියන 13ක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ වාණිජ වටිනාකමින් යුතු දැව අවශ්‍යතාවයෙන් 40%ක් ගෙවතු ආශ්‍රයෙන් ද, 10%ක් දැව සංස්ථාව වෙතින් ද, 10% ප්‍රමාණයක් ආනයනය කිරීමෙන් ද සපුරා ගන්නා බවත් දැව ආනයනය කිරීම සඳහා වර්ෂයකට රුපියල් බිලියන 13ක් පමණ වැය වන බවත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (25) එම අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙලෙස වාර්ෂිකව විදෙස් රටවල් වෙත ලබාදෙන රුපියල් බිලියන 13ක මුදල අවම කරගැනීම මෙන් ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ වන ඝනත්වය වන 27.5%ක ප්‍රමාණය ඉදිරි වසරක කාලය තුළ 32%ක් දක්වා වර්ධනය කිරීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා වාණිජ වටිනාකමින් යුතු ශාඛයන් ගෙවතු වගාව සඳහා හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.

මෙම නව වැඩපිළිවෙළ ආර්ථික සංවර්ධන නිලධාරිවරයාගේ මගපෙන්වීම යටතේ රජයේ පැල තවාන් හරහා ජනතාව වෙත අවශ්‍ය ශාඛයන් නොමිලේ ලබාදීම සිදු කෙරේ.

මේ වන විට වාණිජ වටිනාකමින් යුත් ශාඛ ගෙවතු වගාව සඳහා යොදාගැනෙන්නේ ලක්ෂ 25ක තරම් සුළු ප්‍රමාණයක් බවත් වාණිජ වටිනාකමින් යුතු ශාඛයක් ගෙවත්තට එකතුකරගැනීම හරහා ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳ ව ජනතාව දැනුම්වත් කිරීම හරහා එය ලක්ෂ 75ක් පමණ දක්වා වර්ධනය කරගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *