පාකිස්තාන ඡන්ද මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්තානයේ ඡන්ද මධ්‍යස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

පාකිස්තානයේ ක්වෙට්ටා නගරයේ ඡන්ද මධ්‍යස්ථානයකට මෙම ප්‍රහාරය එල්ලවී ඇත.

මෙම ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති සදහන් ය.

පාකිස්තාන මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද(25) උදෑසන ආරම්භ විය. මැතිවරණයෙන් පී ටී අයි පක්ෂයේ නායක හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ට වැඩි වාසි හිමිවන බවට මත පළවී තිබේ.

ඡන්ද ප්‍රකාශ කිරීම සදහා මිලියන 106 කට ආසන්න ජනතාවක් ලියාපදිංචි වී ඇති බව එරට වාර්තා සදහන් කරයි. ආසන 272 ක් සදහා පාක්ෂිකයන් තෝරා ගැනීමට මෙම මැතිවරණය පැවැත්වේ. පාකිස්තාන මහමැතිවරණය සඳහා පක්ෂ දහයක් තරඟ වදියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 4 =