ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිගේ හා තවත් 3කගේ වැඩ තහනම් ‍

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙකන් ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති සහ තවත් නිලධාරින් තිදෙනෙතුගේ වැඩ තහනම් කර ඇත.

ජාතික පොලීස් කොමිසමේ අනුමැතියට යටත්ව පොලිස්පති විසින් කළ නියෝගයකට අනුව මෙම වැඩ තහනම් කිරිම සිදු කළබව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

ඉකුත් 28වනදා රාත්‍රියේ ඉංගිරිය පොරුවදණ්ඩ කොස්හේන ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු බස්නැවතුම් පොළක් අසල සිටියදී ඉංගිරිය පොලීසියේ නිලධාරින් තිදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව එම තරුණයන් දෙදෙනා පොලීසියට රැගෙනවිත් බිමතින් පහර දි ඇති බවට ගම්වාසීන් චෝදනා කරන අතර පහර කෑ තරුණයන් රෝහල්ගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − three =