ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සැලැස්ම අඛණ්ඩව – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ග්‍රාමීය ප්‍රදේශ නගාසිටුවීම අරමුණු කර ගනිමින් නව යෝධ සංවර්ධන සැලැස්මක් 2019 / 2020 වසරවල ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මඩකලපුවේ පැවති උත්සව කිහිපයකට එක්වෙමින් අගමැතිවරයා මේ බව සදහන් කළේය.

මඩකලපුව මණ්මුණෙයිපත්තු ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි. අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක් මෙන්ම කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් මෙය සමන්විතය. නැගෙනහිර පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියාසිටියේය.

එරාවුර් ප්‍රාදේශිය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණි.

ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මතයි මන්මුණෙයිපත්තු සහ ඒරාවුර් ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ඉදි කෙරුණි. ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 697කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × two =