දරු දැරියන්ගේ සුරක්ෂා රක්ෂණයට නව පියවරක් – කොමිස් මුදලත් දරුවන්ගේ අනාගතයට

(කොළඹ, ලංකාපුවත්) – සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ වැඩි කිරීමට මේ වසරේ දී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි.

මහව විජයබා විදුහලේදී පසුගිය 28වනදා සිදු කෙරුණ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසු දරුවන් වෙනුවෙන් ඉදි කරන ලද නවීන පහසුකම්වලින් සමන්විත ශ්‍රී ලංකාවේ ප්‍රථම සම්පත් මධ්‍යස්ථානය සහ තවත් ගොඩනැගිලි කිහිපයක් සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව අනාවරණය තළේය.

ඉදිරියේදී මෙම සුරක්ෂා රක්ෂණයෙන් ආවරණය නොවන රෝගයක් සඳහා රුපියල් ලක්ෂ 5 ක් හෝ හය දක්වා මුදල් ආධාර ලෙස ලබා දෙන ක්‍රමයක් ආරම්භ කරන බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී පෙන්වා දුන්නේය.

සුරක්ෂා රක්ෂණයේ කොමිස් මුදල යොදවා එය ආරම්භ කරන බව අමාත්‍යවරයා එහිදී පැවසීය.

මෙම වසර එකහමාර අවසන් වන විට තවත් ලක්ෂ එකහමාරකට සමෘද්ධි දීමනාව ලබාදෙන බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × three =