ශ්‍රී දළදා වහන්සේගේ දෛනික තේවා කටයුතු අස්ගිරියට පැවරේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී දළදා වහන්සේගේ උදෙසා දෛනිකව සිදු කෙරෙන තේවා කටයුතු මල්වතු මහ විහාර පාර්ශ්වයෙන් අස්ගිරි මහ විහාර පාර්ශ්වයට පැවරීම පසුගිය වන ඇසල පෝය දා (28) ශ්‍රී දළදා මාලිගාවේදී සිදු කරනු ලැබීය.

ඒ අනුව ලබන වසරේ ඇසළ පුන් පොහෝ දින දක්වා දළදා මාලිගාවේ තේවා කටයුතු අස්ගිරි මහ විහාර පාර්ශ්වය මගින් සිදු කරයි.

පෞරාණික චාරිත්‍රාකුකූලව මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ හා දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදු කර ඇත.

පැරණි රජ දවස පටන් ශ්‍රී දළදා වහන්සේ උදෙසා සිදු කෙරෙන තේවා කටයුතු මල්වතු අස්ගිරි උභය මහ විහාර මගින් සිදු කරන අතර, වසරක් හැර වසරක් ගෙවී යන පරිදි තේවා කටයුතු මාරුවෙන් මාරුවට මෙම දෙපාර්ශ්වය වෙත පැවරේ. මල්වතු මහ විහාරයට පැවරී තිබූ වසරක කාලය පසුගිය ඇසළ පුන් පොහෝ දිනයෙන් අවසන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − 12 =