සනත් පරදා ක්‍රිස් ගේල් ඉදිරියට එයි

(කොළඹ, ලංකාපුවත්) – එක්දින තරගය කාණ්ඩය යටතේ වැඩිම හයේ පහරවල් ලබා ගත් පිතිකරුවන් අතර දෙවැන්නා වීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් සමත් වේ.

ඒ පසුගිය 28 වැනිදා බංග්ලාදේශය සමග පැවති තෙවැනි එක්දින තරගයේ දී ය.

ඒ අනුව හයේ පහර 270 ක් ලබා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සනත් ජයසුරිය සමග සම තත්වයේ සිටි ගෙල් බංග්ලාදේශය සමග පැවති තෙවැනි තරගයේ ලබාගත් සිය ලකුණු 70 ට හයේ පහරවල් 05 ක් එක් කර ගැනිමත් සමග දෙවැනි ස්ථානයට පත්ව ඇත.

එක්දින තරග කාණ්ඩය යටතේ වැඩිම හයේ පහරවල් ප්‍රමාණයක් ලබා (351) පාකිස්ථානයේ සහිඩ් අෆ්රිඩී පළමු ස්ථානයේ පසු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *