ඉම්රාන් ඛාන් අගමැති වන දිනය ප්‍රකාශයට

(කොළඹ, ලංකාපුවත්) – පකිස්තානයේ නිදහස් දිනට පෙර ඉම්රාන් ඛාන් එරට නව අගමැති ලෙස දිවුරුම් දෙන බව ඔහුගේ ටෙරීක් ඒ ඉන්සාෆ් පක්‍ෂය සදහන් කර ඇත.

පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවති මාධ්‍ය හමුවකදී ටෙරීක් ඒ ඉන්සාෆ් පක්‍ෂෙය් මාධ්‍ය ප්‍රකාශක නේයිමුල් හක් මේ බව ප්‍රකාශ කර තිබේ.

පසුගියදා පැවති මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ පක්‍ෂයට හිමිවූ ආසන සංඛ්‍යාව 115කි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඉම්රාන් ඛාන්, මැතිවරණයෙන් අනතුරුව පැවසුවේ, තමා ජයග්‍රහණය කර ඇති බවයි. එසේම, රජයක් පිහිටුවීමට සූදානම් බව ද ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේය. මැතිවරණයේ අවසන් නිල ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

මේ අතර, එරට විරුද්ධ පක්‍ෂය පවසන්නේ, මැතිවරණ ප්‍රතිඵල පිළි නොගන්නා බවයි. ඊට එරෙහිව උද්ඝෝෂණ පවත්වන බව ද ඔවුන් පවසා තිබේ.

ඉම්රාන් ඛාන් රජයක් පිහිටුවහොත් පාර්ලිමේන්තුව වර්ජනය කරනවාද, නැද්ද යන්න පිළිබඳව තවමත් තීරණයක් ගෙන නැතැයි, හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ සහෝදරයා පසුගියදා සදහන් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *