බියගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජලය කැපෙයි

(කොළඹ, ලංකාපුවත්) – අත්‍යවශය නඩත්තු කටයුතුත්තක් හේතුවෙන් හෙට (31) පෙරවරු 09.00 සිට පැය 15 කාලයක් බියගම ආශ්‍රීත ප්‍රදේශ රැසක ජලය අත්හිටුවීමට තීරණය කර ඇති බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කරයි.

මේ අනුව බියගම උතුර, සියඹලාපේ වත්ත, දෙල්ගොඩ, කඳුබොඩ, මල්වාන, දොම්පේ, නාමලුව, දෙකටන, අළුබ‌ෝවිල, අකුරුමුල්ල, උලහිටිවල, වල්ගම, යබරළුව, නාරම්පල, ගලවලග‌ොඩ, කළුක‌ොදවාව, ඉන්දොලමුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *