මිරිදිය ධිවර නිෂ්පාදනය ලබන වසර අවසන් වීමට පෙර දෙගුණයකින් වැඩිකිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – මිරිදිය ධිවර කර්මාන්තය ව්‍යාප්ත කිරීම සදහා දැනට ගෙන ඇති පියවර හේතුවෙන් ලබන වසර අවසන් වීමට පෙර මිරිදිය ධිවර කාර්මාන්තයෙන් ලබන නිෂ්පාදනය දෙගුණයකින් ඉහළ නංවන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.

මෙම වැඩපිළිවෙල යටතේ මත්ස්‍ය වගාවට සුදුසු සෑම ජලාශයකම මිරිදිය ධිවර කර්මාන්තයට අවශ්‍ය මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීම සදහා අවශ්‍ය වැඩපිළිවෙල ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර ක්‍රියාත්මක කරමින් සිටි.

ඒ අනුව ලංකාවේ වසර පුරාම ජලය පිරි පවතින ජලාශ මෙන්ම වැසි කාල වලදී ජලය පිරෙන වැවී ආශ්‍රිතව ද මිරිදිය ධිවර කර්මාන්තය ආරම්භ කිරීමට මේ යටතේ සැලසුම් කර ඇත. එම ජලාශවල තැන්පත් කිරීමට අවශ්‍ය මත්ස්‍ය පැටවුන් අභිජනන ක්‍රියාවලිය වැඩි ධාරිතාවයකින් ඉහල නැංවීම සදහා වන වැඩපිළිවෙල මේ වන විටත් ක්‍රියාත්මක කර තිබේ.

රට අභ්‍යන්තරයේ පවතින ජලාශ ආශ්‍රිතව ධිවර සමිති පිහිටුවා එම සමිති මනා කළමනාකරණයකට ලක් කර මෙම මිරිදිය ධිවර කර්මාන්තය ව්‍යාප්ත කිරීම සැලසුමය. දැනට සිදුකර ඇති අධ්‍යනයන් අනුව යෝජිත මිරිදිය ධිවර කර්මාන්තය ව්‍යාප්ත කරලීමේ වැඩපිළිවෙල යටතේ අවම වශයෙන් එක් ධීවරයෙකුට මසකට රුපියල් 30.000 ත් රුපියල් ලක්‍ෂයත් අතර ආදායමක් උපයාගත හැකිය.

ග්‍රාමීය ජිවනෝපාය සංවර්ධන රජයේ “ ගම්පෙරලිය ” වැඩසටනට සමගාමිව මෙම මිරිදිය ධිවර කර්මාන්තය ව්‍යාප්ත කර ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල සැලසුම් කර ඇත්තේ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ උපදෙස් සහ ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප්‍රසන්න මදවන් ආරච්චි මහතා ඇතුළු එම අධිකාරියේ මෙහෙය විමෙනි .

හෙක්ටයාර් 800 ට වැඩි ප්‍රධාන ජලාශ 48ක් , හෙක්ටයාර් 2 – 5 ත් අතර විශාලත්වයෙන් යුත් මධ්‍ය ප්‍රමාණයේ ජලාශ 256 ක් හා හෙක්ටයාර් 2 ට අඩු කුඩා ජලාශ 2000 ක් ඇති නමුත් ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය පවසන්නේ එම කුඩා ජලාශ 2000 න් මිරිදිය ධිවර කර්මාන්තය සිදුවනුයේ ජලාශ 400 ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක බවය .මේ අනුව ධිවර කර්මාන්තයට සුදුසු බවට ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය විසින් හදුනාගෙන ඇති ජලාශ සියල්ල ම මිරිදිය ධිවර කර්මාන්තය සදහා යෙදවීම නව වැඩපිළිවෙලේ අරමුණය . මෙමගින් රට අභ්‍යන්තරයේ ජනතාවගේ මත්ස්‍ය අවශ්‍යතාවට ප්‍රමාණවත් නිෂ්පාදනයක් ලබාදීමත් එමගින් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමත් අදහස බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය . රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙලෙස අලුතින් පිහිටුවන මිරිදිය ධිවර සමිති සදහා අවශ්‍ය පහසුකම් මෙන්ම ධිවර කර්මාන්තයේ නිරත වීමට අවශ්‍ය දැල් , බෝට්ටු ඇතුළු ආම්පන්න ද ලබාදීමට කටයුතු කරන බවය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *