ඉම්රාන් ඛාන් 11වනදා දිවුරුම් දීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් ලබන 11 වනදා දිවුරුම් දෙන බව ඊයේ(30) සදහන් එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඉම්රාන් ඛාන් මේ වන විට පසුවන්නේ 65 හැවිරිදි වියේය. ඔහුගේ තෙහෙරික් – ඉ – ඉන්සාෆ් පක්ෂය මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළද පැහැදිලි බහුතරයන් නොමැති නිසා ආණ්ඩුවක් පිහිටූවීම සදහා මේ වන විට සුළු පක්ෂ සමග සාකච්ඡා කරමින් සිටින බවද සදහන්ය.

ක්‍රිකට් ක්‍රිඩාවෙන් දේශපාලනයට පිවිසි ඉම්රාන් ඛාන් 1992 වසරේදී පාකිස්ථානයට ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර දීමට සමත් විය.

ඉම්රාන් ඛාන්, මෙවර මහ මැතිවරණයේදී, ‘නව පාකිස්තානයක්’ හඳුන්වා දෙන බවට පොරොන්දුවක් දී ඇත. පාකිස්තානයේ ආර්ථිකය ශක්තිමත් කිරීම ඔහුගේ ප්‍රධාන අරමුණ වෙයි. රටේ දූෂණ වංචා පිටුදැකීමටත්, යටිතල පහසුකම් නංවාලමින් පාකිස්තානය පිරිසුදු තැනක් බවට පත් කිරීමටත් ඉම්රාන් පොරොන්දු ලබා දී ඇත.

ඉම්රාන්ට පාකිස්තාන ප්‍රබල හමුදාවේ සහාය නොඅඩුව හිමිවෙයි. එපමණක් නොව, දැඩිමතධාරී ඉස්ලාමීය සංවිධාන පවා ඉම්රාන් සමඟ එක්වී සිටින බව පැවැසෙයි. හිටපු අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ මුස්ලිම් ලීගය (එන්) පක්ෂය සේ නොව, දැඩි ස්ථාවරයක සිට, ඉන්දියාව සමඟ කටයුතු කරනවා යැයි ඉම්රාන් පවසා ඇත. ‘ඉන්දියාව පියවරක් ඉදිරියට තැබුවොත්, අපි පියවර දෙකක් ඉදිරියට තබනවා’ යැයි ඉම්රාන් අවධාරණය කර තිබේ.

ඇමෙරිකාව මෙහෙයවීමෙන්, ඇරැඹුණු ඇෆ්ගන් යුද්ධය සම්බන්ධයෙන්, ඊට විරෝධය දක්වමින් ඉම්රාන් හඬ නගා ඇත. පාකිස්තානය ඇෆ්ගනිස්තානයේ ද අසල්වැසියෙකි. 2001 වසර අවසානයේදී, ඇමෙරිකාව, සෙසු නේටෝ හමුදා සමඟ ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ ඇෆ්ගන් තලේබාන් පාලනය, අල් කයිඩා නායක බින් ලාඩන්ට ආරක්ෂාව දුන් නිසාය. ඇෆ්ගන් සංග්‍රාමය අවසන් බව ඇමෙරිකාව පවසා ඇති නමුත්, එදා ආරම්භ වුණු යුද ගැටුම් තවමත් අවසන් නැත. දිනපතා ඇමෙරිකාවේ බෝම්බ පිපිරීම් සිදුවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *