ගුවන් තොටුපළ අවට සරුංගල් යැවීම තහනම්

(කොළඹ, ලංකාපුවත්) – ගුවන්තොටුපොළ ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් යැවීම නීති විරෝධී හා දඩුවම් ලැබිය හැකි ක්‍රියාවක් බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.

ගුවන් යානාවල සරුංගල් ගැටීම තුළින් අනතුරු සිදුවිය හැකි බව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජෙනරාල් එච් එම් සී නිමල්සිරි මහතා පෙන්වා දෙයි.

ගුවන් තොටුපළ ප්‍රදේශයේ කිලෝමීටර් 05ක් පමණ වට ප්‍රමාණය තුළ සරුංගල් යැවීම තහනම් කර ඇත.

සරුංගල් හා එහි නූල් පැටලීමෙන් ගුවන් යානාවල අවර පෙතිවලට හා යානාවල විවිධ කොටස්වලට හානි සිදුවීම මීට හේතුව වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *