අඟහරු අද පෘථිවියට ළං වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අඟහරු ග්‍රහයා අද(31) දිනය තුළ ඉතා පැහැදිලිව දැක ගැනීමේ අවස්ථාව උදාවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ අඟහරු ග්‍රහයා මේ දිනවල පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරන බවයි.

අඟහරු ග්‍රහයා පෘථිවියට මෙතරම් සමීපයෙන් ගමන් කරන්නේ වසර 15කට පසුව ය.

අගහරු ග්‍රහයා, පෘථිවියට කිලෝමීටර් මිලියන 57.6ක පමණ ආසන්නයෙන් ගමන් කරන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

බුද ග්‍රහයා හැර පෘථිවියේ සිට දුරේක්ෂකයකින් බලන විට පෘෂ්ඨය දිස්වන එකම ග්‍රහලෝකය අගහරු ග්‍රහයාය.

කොළඹ විශ්වවිද්‍යාලයේ අහස නිරීක්ෂණය කිරීමේ කදවුරක් අද රාත්‍රි 7.00 සිට 10.00 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පාසල් සිසුන්ට සහ මහජනතාවට සහභාගී විය හැකි අහස නිරීක්ෂණ කදවුරු දෙකක් ලබන මස පළමුවනදා පොළොන්නරුව විජිත මධ්‍ය මහා විද්‍යාලයේ දී සහ දෙවනදා ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *