ඡන්ද නාමලේඛනයට අභියාචනා ගොනු කිරීම ලබන10වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – 2018 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය සදහා අභියාචනා සහ විරෝධතා ගොනුකිරීම අගෝස්තු මස 10 වන දින සිට සිදුකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා සදහන් කළේ සැප්තැම්බර් මස 06 වන දින දක්වා ඒ සඳහා කාලය හිමිවන බවයි.

ඔක්තෝබර් මස 05 වන දින 2018 වර්ෂය සදහා වන ඡන්ද හිමි නාමලේඛන සහතික කිරීමේ කටයුතු සිදුකරන බව එම්.එම්.මොහොමඩ් මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *