පුහුණු ගුරුවරුන් බඳවා ගැනීම ඉදිරියේ දී අනිවාර්යයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – පුහුණු ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය ඉදිරියේ දී අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එලෙස සිදු නොවන අවස්ථාවල දී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකිවන පරිදි නීති සකසන බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ(30) ගාල්ල පැවති උත්සවයකදිය.

මෙරට අධ්‍යාපනය ක්‍රමය තුළ මෙතෙක් සිදුව ඇත්තේ දරුවන්ට අවශ්‍ය ගුරුවරු ලබා දීම වෙනුවට දේශපාලන වුවමනා මත ගුරුවරු බඳවා ගැනීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.

ගාල්ල සහිරා විද්‍යාලයට ඊයේ පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිසු දරුවන් විසින් පිළිගනු ලැබීය. එම විද්‍යාලයේ නව ගොඩනැගිලි කිහිපයක් විවෘත කිරීමට අග්‍රාමාත්‍යවරයා අනතුරුව එක් විය. නව තාක්ෂණාගාරය,විදුහල්පති හා ගුරු නේවාසිකාගාර ද මීට සමගාමීව විවෘත කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *