ගාල්ලට තවත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලබා දෙන බව අගමැති පවසයි

(කොළඹ, ලංකාපුවත්) –රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ඇතැම් මාධ්‍ය විවේචනය කරන්නේ එම ව්‍යාපෘති සැබැවින් දකින්නේවත් නැතිව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

ගාල්ලේ පැවති උත්සවයක දී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජපාන ආයෝජනයකට අනුව ගාල්ලේ ඉදිකළ ලී ග්‍රෑන්ඩ් සංචාරක හෝටලය විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සංවර්ධන ව්‍යාපෘති රැසක් ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිතය. ඒ තුළින් රැකියා අවස්ථා රැසක් නිර්මාණය කෙරෙන බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + five =