පුත්තලමේ පවුල් 10000 ට මේ වසරේදී සින්නක්කර ඉඩම් ඔප්පු

(කොළඹ, ලංකාපුවත්) – පුත්තලම දිස්ති‍්‍රක්කයේ ගොවි ජනතාව වෙත ඉඩම් ලබා දීමේ වැඩපිළිවෙලට අදාල වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉඩම් වහාම නිදහස් කිරීමට සංරක්‍ෂක ජනරාල්වරයා එකගතාව පල කර තිබේ.

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සඳහා නිසි දායකත්වයක් ලබා නොදීම හේතුවෙන් ඉඩම් අයිතිය සම්බන්ධයෙන් ජනතාව මුහුණ දී සිටි ගැටළු විසදීමට නොහැකි වී තිබුණේය. ජනතාව වගා කළ ඉඩම් නිදහස් කරන්නැයි පුත්තලමේ ප‍්‍රාදේශිය ලේකම් බල ප‍්‍රදේශ 08 ක ජනතාව ඉල්ලීම් කරන්නේ 2003 වසරේ සිටය. එහෙත් මේ දක්වා පැවැති කිසිදු රජයකින් එම ජනතාවට සාධාරණයක් ඉටු නොවීය. ඒ වෙනුවෙන් වැදගත් හා පුළුල් මැදිහත්වීමක් සිදු වූයේ 2015 වසරෙන් පසුවයි. ඒ වාරිමාර්ග හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ මැදිහත්වීම මතයි.

එහෙත් එම වැඩපිළිවෙලේදීද වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් නිසි දායකත්වයක් නොලැබිණි. හිතාමතාම ඔවුන් එම වැඩපිළීවෙල මගහැර කටයුතු කරන ආකාරයක් නිරීක්‍ෂණය විය. අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මේ ගැටළුව පිළිබඳ ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැුස්වීම්වලදීත්, පුත්තලම් දිස්ති‍්‍රක් සංවර්ධන කමිටුවේදීත්, පාර්ලිමේන්තුවේදීත් හඩ නැගුවේය. එමගින් ඉඩම් ගැටළුව පිළිබඳ කථිකාව වඩාත් තියුණු වුවද වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කි‍්‍රයාකලාපයේ වෙනසක් සිදු නොවිණ. අනතුරුව ජනාධිපතිවරයා මේ පිළිබඳ අවස්ථා දෙකකදී දැනුම්වත් කිරීමට අමාත්‍යවරයා පියවර ගත්තේය.

මෙම තත්ත්වය තුළ පසුගියදා පුත්තලම් දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ ඊයේ (31) පැවැති රැස්වීමකදී වනසංරක්‍ෂක ජනරාල්වරයා සිය ස්ථාවරය වෙනස් කළේය. ඔහු පොරොන්දු වී ඇත්තේ මේ මාසය තුළ ඉඩම් සියයට තිහක් ඉඩම් නිදහස් කිරීමට පියවර ගන්නා බවයි. එමෙන්ම තවත් කොටසක් සැප්තැම්බර් මාසයේදීත් ඉතිරිය දෙසැම්බර් මාසයේදීත් නිදහස් කිරීමට පියවර ගන්නා බවට ඔහු පොරොන්දු වී තිබේ.

මේ පිළිබඳ දැනුම් දීම සඳහා පසුගියදා ආණමඩුවේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදී රැුස්වීමක්ද කැදවා තිබිණ. රජයේ නිලධාරීන් කිහිප දෙනෙකු හා අමාත්‍යංශ පුද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයින් අමතමින් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ දුප්පත් අහිංසක ගොවි ජනතාව වෙනුවෙන් සිදු කළ තවත් අරගලයක් ජය ගත් බවයි. ඒ වෙනුවෙන් දිස්ති‍්‍රක් ලේකම්තුමා ඇතුළු නිලධාරීන් මෙන්ම තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයද මහත් කැපවීමක් සිදු කළ බවද ඔහු පැවසීය. එමෙන්ම ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් ලබා දුන් දායකත්වයද අගය කළේය.

මෙම කාරණය පිළිබඳ පුළුල් කථිකාවක් ඇති කිරීම සඳහා මුද්‍රිත හා විද්‍යුත් මාධය විසින් ලබා දුන් දායකත්වයද අමාත්‍යවරයා විශේෂයෙන් අගය කළේය. අමාත්‍යවරයා පෙන්වා දුන් කාරණයක් වන්නේ මේ වසර අවසන් වීමට පෙර පවුල් දස දහසක් වෙත සින්නක්කර ඉඩම් ලබා දීමට හැකිවනු ඇති බවයි. වසර ගණනාවක් පුරා වගාකළ ඉඩම්වල අයිතිය එම ජනතාව වෙත ලබා දීමට තමන් කැපකිරීම් සිදු කළද ඒ සඳහා බොහෝ දෙනෙකුගෙන් කිසිදු දායකත්වයක් නොලැබුණු බවද පැවැසීය. කෙසේ වෙතත් ඉඩම් ලබා දීමේ වැඩපිළීවෙල වෙනුවෙන් සිදු කළ අරගලය ජයගෙන අවසන් බවත්, ලකුණු දමා ගැනීම වෙනුවට ලකුණු කපාගෙන හෝ ජනතාවට සේවය කිරීම තමාගේ අභිප‍්‍රාය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + seven =