මෙක්සිකෝවේ ගුවන් අනතුරකින් 85ක් තුවාල ලබයි

(කොළඹ, ලංකාපුවත්) – මෙක්සිකෝවේ ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 85 දෙනෙකු තුවාල ලබා තිබේ

මෙක්සිකෝවේ උතුරු දිග දුරන්ගෝ ප්‍රදේශයේදී මෙම ගුවන් යානය අනතුරට ලක්ව ඇත.

අනතුරට පත්වන අවස්ථාවේ ගුවන් යානයේ 103 දෙනෙකු ගමන් කරමින් සිට තිබේ. තුවාල ලැබූවන් අතුරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගුවන්යානය ගුවන්ගත කිරීමෙන් සුළු වේලාවකට පසු අනතුරට ලක්ව ඇති බව සදහන් වේ. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ එරෝ මෙක්සිකෝ ගුවන් සේවයට අයත් AN 2431 නමැති යානයයි.

ගුවන් යාන අනතුරට පත්වන මොහොතේදී එහි මගීන් සහ කාර්ය මණ්ඩලය සුරක්‍සිතව ඉවතට පැන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *