ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයෙන් පිදුම් ලැබූ සෞඛ්‍ය ඇමතිට උපහාර පිදෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයෙන් පිදුම් ලැබූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට උපහාර පිරිනැමීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී ඊයේ (31) පස්වරුවේ පැවැත්විනි.

”සුවපති අභිෂේකය” ලෙස තේමා කර ගත් මෙම උත්සවයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත සමරු තිළිණය පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරිනි. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ද එක්ව සිටියාය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, කැබිනට් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, විද්වතුන්, කළාකරුවන්, ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *