හෙරොයින් ජාවාරමේ යෙදුන කණ්ඩාමකට වෙඩි ප්‍රහාරයක්

(කොළඹ, ලංකාපුවත්) – වැල්ලවත්ත ප්‍රදේශයේ දී හෙරොයින් ජාවාරමේ යෙදුන පිරිසකට පොලීසිය විසින් ඊයේ(31) රාත්‍රී 11.40ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

වැල්ලවත්ත, චාලිමන්ට් පාර ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට දී කාර් රථයකින් හෙරොයින් ජාවාරම් කරන බවට සහ ගණිකාවන් ලබා දෙන බවට වැල්ලවත්ත පොලීසියට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් ජිප් රථයකින් හා ත්‍රීරෝද රථයකින් එම ස්ථානයට ගොස් ඇත.

එම අවස්ථාවේ දී එක්වරම එම කාර් රථය නවතා තැබූ ස්ථානයෙන් වේගයෙන් පලා යෑමට තැත් කර ඇති අතර එහිදී එම හෝටලයේ තාප්පයේ ගැටී තාප්පයට ද ආලාභ සිදුව තිබේ.

එම ස්ථානයේ සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ද, කාර් රථයේ ගැටී ඇති අතර එම පොලිස් කොස්තාපල්වරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

එමෙන්ම කාර් රථය, පොලිස් නිලධාරීන් පැමිණි ත්‍රීරෝද රථයේ ගැටෙනවාත් සමඟම එම ස්ථානයේ සිටි පොලිස් කොස්තාපල්වරයෙක් ඔහුගේ පැති අවියෙන් කාර් රථයට වෙඩි තබා තිබේ.

අදාළ වෙඩි තැබීමෙන් කාර් රථයේ සිටි, මෙහි ප්‍රධානතම ජාවාරම්කරු බවට සැකකරන පුද්ගලයාට වෙඩි වැදී තුවාල සිදුව ඇත.

ඔහු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

තුවාලකරු හෙට්ටිආරච්චිගේ කමල් අබේරත්න නැමති වයස අවුරුදු 39 ක් වු ඔලබොඩුව, ගෝනපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී තිබේ.

මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ දී එම කාර් රථයේ රියදුරාව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේ කාර් රථයේ තවත් කාන්තාවන් දෙදෙනෙක් සිට ඇති බව සදහන වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three − 1 =