විහාරස්ථාන තොරතුරු සොයාබැලීමට නව වෙබ් අඩවියක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථාන පිලිබඳ තොරතුරු ක්ෂණිකව ලබා ගත හැකි නව වෙබ් අඩවියක් විවෘත කිරීම බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අතින් සිදු විය.

බුද්ධශාසන අමාත්‍යංශයේ දී අද (01) එළිදැක්වුණු මෙම නව වෙබ් අඩවියට පිවිසීමෙන් ශ්‍රීලංකාවේ රජමහා විහාස්ථාන, පුරාන විහාරස්ථාන, ආරණ්‍ය සේනාසන, භාවනා මධ්‍යස්ථාන සහ සිල්මාතා ආරම ඇතුළු සියලු බෞද්ධ විහාරස්ථාන වල විස්තර ලබාගත හැකිවනු ඇත.

මෙම වෙබ් අඩවිය හරහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් හා පළාත් මට්ටමින් අදාළ විහාරස්ථානවල විස්තර හා දුරකථන නාමාවලි ලබා ගැනීමේ හැකියාව විශේෂෂත්වයකි.

www.mbs.gov.lk වෙබ් අඩවියට පිවිස එහි “විහාරස්ථාන නාමාවලිය” යටතේ අද දින සිට ඕනෑම අයෙකුට මෙම විස්තර ලබාගත හැකිවනු ඇත.

වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට බුද්ධශාසන අමාත්‍යංශ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *