ඇමති තලතා රිච්මන් කාසල් මන්දිරය බලන්න යයි

(කොළඹ, ලංකාපුවත්) – මහාභාරකාර දෙපාර්තමේන්තුව යටතේ පවතින දේපළ හා ඒවායෙන් සිදුවන සේවාවන් සම්බන්ධව ඍජුවම සොයා බලන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සදහන් කළාය.

ඇමතිවරිය මේ බව කියා සිටියේ පසුගියදා මහාභාරකාර දෙපාර්තමේන්තුව යටතේ පවතින රිච්මන් කාසල් මන්දරය නිරීක්‍ෂණය කිරීමට එක්වෙමිනි.

එහිදී ඇය කියා සිටියේ මහාභාරකාර දෙපාර්තමේන්තුව යටතේ පවතින දේපළ සම්බන්ධයෙන් පපසුගිය රජය සමයේ නිවැරදි සොයා බැලීමක් සිදු කර නොමැති බවයි. ඒවායේ සිදුකරන වැඩකටයුතු සම්බන්ධයෙන් විධිමත් ක්‍රමයක් සිදු නොකර ඇති බවද ඇය කියා සිටියාය. ඒ හේතුවෙන් විවිධ වංචාවන් හා දූෂණ සිදුව ඇති බවට ද වාර්තාවේ.

ඉදිරියේ දී එවැනි කිසිදු වංචාවක් හෝ දුෂණයක් සිදු නොකර මෙම දේපළ සුරක්‍ෂිත කිරීම සියලු දෙනාගේ වගකීම බවද අමාත්‍යවරිය සදහන් කළාය.

කළුතර පිහිටි රිච්මන් කාසල් මන්දිරය නිර්මාණය කර ඇත්තේ නානායකකාර රජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් විජේසිංහ සිරිවර්ධන පඩිකාර මුදලිතුමා විසින්ය. එතුමා විසින් සිය දේපළ මහාභාරකාර දෙපාර්තමේන්තුවට පවරා ඇත. මේවන විට මහාභාරකාර දෙපාර්තමේන්තුව විසින් එහි ළමා නිවාසයක් ද පවත්වාගෙන යන අතර එහි සිටින දරුවන්ගේ අවශ්‍යතාද අමාත්‍යවරිය විසින් සොයා බලන ලදි.

මෙම නිරීක්‍ෂණ චාරිකාව සදහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් මංගලිකා අදිකරී මහත්මිය, මහාභාරකාරතැන සනත් වීරරත්න මහතාද එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × two =