(කොළඹ, ලංකාපුවත්) – දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය පසුගිය මාස හය තුළ දී පමණක් දෙස් විදෙස් නරඹන්නන්ගෙන් රුපියල් මිලියන 69.80ක ආදායමක් ලබාගෙන අති අතර නරඹන්නන් 488153 දෙනෙක් පැමිණ තිබේ.
වසර 2017 දී ජුනි 30 දක්වා දෙස් විදෙස් නරඹන්නන් ගෙන් රුපියල් මිලියන 60.08 ක් ලබා ගෙන ඇති අතර නරඹන්නන් 439605ක් පැමිණ ඇත. එම වසරේ නරඹන්නන් 1388192 ක් පැමිණ ඇති අතර රුපියල් මිලියන 168.67ක ආදායමක් ලබා ගෙන ඇති බව දෙහිවල ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
සත්ත්වෝද්‍යානය තුළ දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය ඇති වන පරිදි ඉදිකළ නව ඉදිකිරීම් තුළ දෙස් විදෙස් සතුන්ට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා තිබීමත් පැමිණෙන ජනතාවට නිදහසේ නැරඹීමට අවකාශ සලසා තිබීමත් මේ සඳහා පැමිණෙන සංඛ්‍යාව ඉහළ යාමට හේතුවී ඇති බවත් ඒ මහත්මිය පැවසුවාය.