පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිනය ගැන ඉඟියක්

(කොළඹ, ලංකාපුවත්) – පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජනවාරි මස 05ත් 10ත් අතර කාලය තුළ පැවැත්වීමට හැකිවනු ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ඊයේ(02) අරලියගහ මන්දිරයේදී පැවති පක්ෂ නායක හමුවෙන් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මීට පෙර පැවති සාකච්ඡාවකදී එළඹි එකඟතාවකට අනුව ඊයේ අදාළ සාකච්ඡාව පැවැත්වුණි.

කෙසේවුවද එම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමු‍ණේ නියෝජිතයන් සහභාගී නොතිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *