බන්ධනාගාර සෝදිසියට පොලිස් විශේෂ කාර්ය බලකාය

(කොළඹ, ලංකාපුවත්) – බන්ධනාගාරයෙහි සෝදිසි මෙහෙයුම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට කටයුතු සිදුකරමින් පවතී.

ඒ බව සොයා බැලීම සඳහා පොලිස් විශේෂ කාර්යයෙහි නිලධාරීන් කීපදෙනෙකු වැලිකඩ, මැගසින්, කොළඹ රිමාන්ඩ් යන බන්ධනාගාර තුල හා අවට පරීක්ෂාවට ලක් කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේය.

බන්ධනාගාරයන් තුලට නීතිවිරෝධී ද්‍රව්‍ය ඇතුලුවීම වැලැක්වීම සදහා මෙම පියවර ගෙන ඇත.

මෙසේ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ඇත්තේ පසුගිය දා බන්ධනාගාර බුද්ධි අංශය විසුරුවා හැරීම හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *