වව්නියාව ‘සතොස‘ යූරියා මිශ්‍ර සීනි අලෙවිය ගැන පරීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) –වව්නියාව සතොස අලෙවිසැලේ යූරියා මිශ්‍ර සීනි අලෙවි කිරීම පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ පාරිභෝගිකයෙකු විසින් ඊයේ (02) සිදුකළ පැමිණිල්ලක් මතය.

සීනි පරීක්ෂා කිරීමේදී, ඒ තුළ යූරියා පොහොර මිශ්‍රව පවතින බවට වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ද තහවුරු කර තිබේ.

වව්නියාව සතොස ශාඛාවෙන් ඊයේ දිනයේදී සීනි ලබාගෙන පරිභෝජනය කළ පිරිස් හට වමනය, ක්ලාන්තය ඇති විය හැකි බැවින් වහාම ළඟම පිහිටි රෝහල වෙත ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ද, මහජන සෞඛ්‍ය පරීක්ෂණකරුවන් ඉල්ලීමක් කරනු ලැබේ.

ශාඛාවෙහි සේවකයෙකු පවසා ඇත්තේ, තම නිවසට රැගෙන යාමට ගෙන එල ලද යූරියා තොගයක් සීනි සමඟ අත්වැරදීමකින් මිශ්‍ර වී ඇති බවය. පාරිභෝගිකයෙකු තම භාණ්ඩ රැගෙන යාමට උරයක් ඉල්ලූ අවස්ථාවේදී, වෙනත් සේවකයෙකු විසින් යූරියා තොගය සීනි උරයට දමා, හිස් උරය ලබා දීමෙන් මෙය සිදුව ඇති බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සතොස ආයතනය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *